......:::::DEWAKA LAKSHAN:::::.......
welcome to my blogger
Monday, June 23, 2014
ARCHIVAL DISK
DVD හෝ
BlueRay
තැටි වලින් පසුව එන දත්ත ගබඩා කිරීමේ අලුත්ම තැටිය ලෙස
Archival
Disk
හැඳින්විය හැක. Sony හා Panasonic යන සමාගම් ද්විත්වයේම එකතුවක් ලෙසින් නිර්මාණය වන දත්ත ගබඩා තැටිය ඔස්සේ පහසුවෙන්ම
1TB (1024GB)
දත්ත ප්‍රමාණයක් ගබඩා කළ හැකි වනු ඇත. මීලග පරම් පරාවේ disc format එකක ලෙසට නිවේදනය කරන මෙම හදුන්වාදීම 2013 july මාසයේ මුලිනම නිවේදනය කරනු ලැබුවේ නිශ්චිත නාමයකින් තොරවය. DVD හෝ
BlueRay
වල පැවති දුර්වලතා මඟ හරිමින් නිර්මාණය කෙරෙන
Archival Disk
හි වැඩි කාලයක් දත්ත සුරක්ශිතව ගබඩා කර තැබිය හැකි නිසාවෙන් මෙය Games හෝ Movies ගබඩා කිරීමට වඩා දත්ත සංරක්ෂණ කටයුතු සඳහා භාවිත වනු ඇති බවයි පැවසෙන්නේ.
උෂ්ණත්වය, තෙතමනය හෝ දුහුවිලි වැනි පාරිසරික සාධක සඳහා හොඳින් ඔරොත්තු දීමේ හැකියාව ඇති මේ තැටිය තුල අලුතින් නිකුත්වන File Types සඳහාද සහාය දක්වන අයුරෙනුයි නිර්මාණ වී ඇත්තේ.
2015
දී වෙළඳපළට නිකුත් වීමට නියමිත
Archival Disk
මුල් අදියරේදී
300GB
ධාරිතාවයකින්ද පසුව දෙවන අදියරේදී
500GB
ධාරිතාවයකින්ද, අවසානයේ
1TB
දක්වා ධාරිතාවය උසස් කිරීමට නියමිත යි.
http://dewakalakshan907.wordpress.com/?ref=spelling
No comments:
Post a Comment
Newer Post
Home
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment