Monday, November 2, 2015

PC එක WIFI HOTSPOT එකක් කරගමු

මොකක්ද මේ අපි Hotspot කියන්නේ?

ලැප් එකේ තියෙන නෙට් කනෙක්ෂන් එකෙන්ම ඔයාගේ ස්මාර්ට් දුරකතනයට දෙන්න පුළුවන් පොඩි තාක්ෂණයක්. එතකොට DATA ගාස්තු වැය වෙන්නේ අර Hotspot කරපු පරිගනයෙන් / ලැප්ටොප් එකෙන් විතරයි.

download

BLUESTACKS APP PLAYER DIRECT DOWNLOAD



ඇන්ඩ්‍රොයිඩ් apps පරිගනකය මගින් ධාවනය කිරීමට තිබෙන ඉතා ජනප්‍රිය මෘදුකාංගයක් වන bluestack app player එක direct download කරගැනීමට .................................................................... මෙතන . click කරන්න,.






Thursday, December 18, 2014

Cicret smart bracelet (හමට වැටෙන ජංගම දුරකථන තිරය)



බි‍්‍රතාන්‍යය සමාගමක් විසින් ඉදිරියෙදි ජංගම දුරකථනයක කාරියත්, සාක්කු පරිගණකයක කාරියත් කළ හැකි අත් පළදනාවක් ආකාරයේ නිර්මාණයක් ඉදිරිපත් කර ලෝකයට හදුන්වා දිමට සුදානම් වෙන බව අන්තාර්ජාලයේ සඳහන් වේ. සික්රෙට් නමින් හැදින්වෙන මේ වළල්ලේ අන්තර්ගත කර ඇති ක්ෂුද්‍ර ප‍්‍රක්ෂේපණ යන්ත‍්‍රයක් මෙසේ වළල්ල පැළද සිටින්නාගේ අතෙහි සම මත සංවේදී තිරය මවයි.


සමේ දිස් වෙන ( ටච් ස්ක්‍රින් ) තිරය මත තබන ඇගිල්ලේ සම්පුර්ණ ක්‍රියා කාරකම් එම අත් පළදනාවේ ඇති කුඩා ප්‍රමාණයේ මද්‍යම සැකසුම් එකකය මගින් පාළනය කරනු ලබයි. රැහැන් රහිත අන්තර්ජාල තාක්ෂණය සදහා වන මෙවලමක්, බ්ලූටූත්, වළල්ල පරිගණකයක් හා සම්බන්ධ කරවිය හැකි මුහුණතක් ආදී පහසුකම්ද වළල්ලේ ඇත. මෙය ජලයේ සිටද පාවිච්චි කළ හැකිවන පරදි නිශ්පාදනය කර ඇත. තවමත් මෙය පරික්ෂණ මට්ටමේ පවතින අතර ආනගතයේ වෙළද පොළට නිකුත් කිරිමට බලාපොරෙත්තු වෙන බව එම සමාගම පවසා සිටිනවා.


Skype කථාකරන භාෂා පරිවර්ථකය අත්හදා බලයි



සකයිප් ආයතනය විසින් නුදුරේදී හදුන්වාදීමට යන කථාකරන විට භාෂාව පරිවර්ථනය වීමේ පහසුකම පසුගියදා පාසල් දරුවන් සමගින් සාර්ථකව අත්හදා බලා ඇත.

මෙහිදී එක් පාසලක් මෙක්සිකෝ නගරයේද අනෙක් පාසල ඇමරිකාවේද පිහිටා ඇත. මෙක්සිකෝ දරුවන් ස්පාඤ්ඤ භාෂාවෙන් අදහස් හුවමාරුකරගෙන ඇති අතර ඇමරිකානු දරුවන් ඉංග්‍රිසි භාෂාවෙන් අදහස් හුවමාරු කරගෙන ඇත. මෙහිදී ඉංග්‍රීසි භාෂාවෙන් කථා කරන දේ මෙක්සිකෝ දරුවන්ට පරිවර්ථනය කිරීමෙන් පසුව ස්පාඤ්ඤ භාෂාවෙන් ශ්‍රවනය වීම සිදුවේ. ඇමරිකානු දරුවන්ට ඉංග්‍රීසි භාෂාවෙන් ශ්‍රවනයවී ඇත.



එම අත්හදා බැලීම පහල වීඩියෝවෙන් ඔබට දැකගත හැකිය.